ඔස්ටේ්‍රලියාවේ ගුවන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් තවත් දීර්ඝ කාලයක් ?

ඔස්ටේ්‍රලියාවේ ගුවන් තොටුපළවල පවතින ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් තවත් දීර්ඝ කාලයක් පුරා පවතිනු ඇති බවට ක්ෂේත්‍රයේ විද්වතුන් අනතුරු අගවනවා.

ඒ අනුව නත්තල් සමයෙන් පසුව වුවද සති කිහිපයක් හෝ ඇතැම්විට මාස කිහිපයක් මෙම තත්වය අපේක්ෂා කිරීමට සිදුවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

අභ්‍යන්තර මෙන්ම අන්තර්ජාතික ගුවන් ගමන් සඳහාද මෙම තත්වය බලපානු ඇති බවත් සේවක හිගය මීට ප්‍රධාන හේතුව බවටත් විශ්වාස කෙරෙනවා.

මේ අතර ඇතැම් ගුවන් වාර අවලංගු කිරීම් පිළිබඳ මගීන් දැනුවත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

ප්‍රමාද කරන ලද ඇතැම් ගුවන් ගමන් අවලංගු කල බවට ගුවන් සේවා විසින් මගීන්ට දන්වනු ලබන්නේ පැය 24 ක් ඉක්මගිය පසුව බවටද මගීන් දෝෂාරෝපණ එල්ල කරනවා.

පසුගිය මාසයේදී මෙරට දේශීය ගුවන් ගමන් අවලංගු කිරීමේ සාමාන්‍යය සියයට 2.9 ක් වූ අතර එය සැප්තැම්බරයේ පැවතියේ සියයට 3.4 ක් ලෙසයි.

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »