Black friday වංචා ගැන ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවීමක්

Black friday දීමනා සහ වට්ටම් මුවාවෙන් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරම්වලට හසුවීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.

ඇදහිය නොහැකි දීමනා හමුවේ ක්‍රෙඩිට් කාඩ් අංක – දුරකථන අංක පමණක් නොව බදු ලිපි ගොණු අංක වැනි අතිශය සංවේදී තොරතුරු පවා සයිබර් ප්‍රහාරකයන් අතට පත්වමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම ප්‍රතිශතය සියයට 93 ක් වැනි ඉහළ මට්ටමක පවතින බවද සයිබර් ආරක්ෂණ විශේෂඥයන් සඳහන් කර සිටිනවා.

අනත්ර්ජාල මිළදී ගැනීම්වලදී විවිධ වංචාවන්ට හසුව ඇති ඔස්ටේ‍රලියානුවන්ගේ ප්‍රතිශතය සියයට 25 එනම් මිලියන 07 ඉක්මවා ගොස් ඇති බවයි නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබුණේ.

Black friday වැනි වට්ටම් සහිත මිළදී ගැනීම් සිදුකිරීමට පෙර විධිමත් තහවුරු කරගැනීමක් සිදුකර ගන්නා ලෙසටද ඔස්ටේ්‍රලියානුවන්ට සිහිපත් කෙරෙනවා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »