ඔස්ටේ්‍රලියාවේ සමාගම් අධ්‍යක්ෂවරුන්ට නව නීතියක්

ඔස්ටේ්‍රලියාව තුළ ස්ථාපිත සෑම සමාගමකම අධ්‍යක්ෂවරුන් සඳහා අනන්‍ය හඳුනාගැනීමේ අංකය ලබාගැනීමේ කාලය ලබන 30 වනදායින් අවසන් වනවා.

බදු කාර්යාලය විසින් පණවන ලද එම නියමයට ලක්ෂ 10 කට ආසන්න පිරිසක් යටත්වන බව සඳහන්.

කෙසේවෙතත් එම කාලය අවසන්වීමට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාලයක් වුවද සැළකිය යුතු පිරිසක් මේ දක්වා ලියාපදිංචි වී නොමැති බවටයි වාර්තා වන්නේ.

ලබන 30 වනදා වනවිට අදාළ අංකය ලබානොගන්නා පුද්ගලයන්ට ඩොලර් 13,000 ක දඩයකට යටත්වීමට සිදුවනවා.

බදු වංචා වැළැක්වීම සහ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල සිදුකරන අභ්‍යන්තර අයථා ක්‍රියා වළක්වාලීමේ අරමුණ ඇතිවයි මෙම අනන්‍ය අංකය හඳුන්වාදීමට බදු කාර්යාලය පියවර ගනු ලැබුවේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »