
පූර්ණ කාලීනව සේවය කරන ඔස්ටේ්‍රලියානුවෙකුට වසරකදී සති 06 ක වැටුප එනම් ඩොලර් 8,000 ක් පමණ නොලැබෙන බව නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.
මින් බහුතර මුදලක් අතිකාල දීමනා බවටයි තක්සේරු කර ඇත්තේ.
ඒ අනුව සමස්තයක් ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට වසරකදී අහිමිවන මුදල ඩොලර් බිලියන 92 ක් බවට ගණන් බලා තිබෙනවා.

පුද්ගලයන් 1410 දෙනෙකු සහභාගී කරවා ගනිමින් සිදුකල මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ සාමාන්‍යයෙන් සතියකදී සිදුකරන රැකියා පැය ගණන සළකා බැලීමේදී පූර්ණ කාලීන සේවකයෙකුට පැය 04 ක පමණ වැටුපක් අහිමිවන බවටයි.
මින් බහුතරය වයස අවුරුදු 18 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ බවද සඳහන්.
