ඔස්ටේ්‍රලියාවේ කෙළි වලට චාමිකට දඩුවම්

chamika karunarathne

ඔස්ටේ්‍රලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර ක්‍රීඩක කොන්ත්‍රාත් එකගතා කඩකිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරකට අත්හිටවූ තරග තහණමක් සහ ඩොලර් 5,000 ක දඩයක් පණවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ත්‍රි පුද්ගල කමිටුවක් මගින් සිදුකල විනය පරීක්ෂණයක් අවසානයේ චාමික විසින් ඔහුට එරෙහි සියලු චෝදනා සඳහා වරද පිළිගෙන ඇති බවයි.

මින් ඉදිරියට කිසිදු විනය විරෝධී ක්‍රියාවක නිරත නොවන ලෙස ඔහුට දැඩි අවවාද සිදුකිරීමටත් ඔහුගේ ක්‍රිකට් දිවියට හානියක් නොවන පරිදි දඩුවමක් පැණවීමටත් විමර්ශන කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් චාමිකට එරෙහිව මෙම දඩුවම ලබාදී ඇත්තේ.

මේ අතර පසුගිය ක්‍රිකට් තරඟාවලි දෙකකදීම තරඟාවලියේ වීරයා බවට පත්වී ඇති චාමික කරුණාරත්න ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී දෙවන ස්ථානයේ පසුවන අවස්ථාවකදී ඔහු ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »