ලබන වසරේ පළමු කාර්තුව සඳහා ක්වන්ටාස් ගුවන් සේවය විසින් ඩොලර් බිලියන 1.35 ත් බිලියන 1.45 ත් අතර ලාභයක් පුරෝකථනය කර තිබෙනවා.
එය ඔක්තෝබර් මුල් සතියේදී නිකුත් කල වාර්තාවෙන් අපේක්ෂා කල ලාභයට වඩා ඩොලර් මිලියන 150 ක ඉහළයාමක්.
දේශීය මෙන්ම ජාත්‍යන්තර සංචාරකයන්ගේ ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළයාම හමුවේ ලාභයද ඉහළ යනු ඇති බවටයි ක්වන්ටාස් අනාවැකි පළකර සිටින්නේ.
කෙසේවෙතත් ලබන වසරේදී සමාගමේ සමස්ත ඉන්ධන වියදම ඩොලර් බිලියන 05 ක් පමණ වනු ඇති බවටද ගණන් බලා තිබෙනවා.
කොවිඩ් වසංගතය එළඹීමට පෙර සිදුකල ගුවන් වාර සංඛ්‍යාව හා සැසඳීමේදී ක්වන්ටාස් සමාගම දැනට සිදුකරන ගුවන් වාර සංඛ්‍යාව සියයට 70 ක් ලෙස පවතින අතර නව සේවකයන් බඳවා ගැනීම සඳහා ලබන වසරේදී ඩොලර් මිලියන 200 ක මුදලක් වෙන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ අතර විධායක නොවන සේවකයන් 20,000 ක් සඳහා ඩොලර් 5000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමටද ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.