Search

ප්‍රාන්ත 02 ක හෙදියන් වර්ජනයේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් දහස් ගණනක් සේවයෙන් ඉවත්ව පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්තය පුරා රෝහල්වල කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බැවින් වහා පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ඉල්ලමිනුයි හෙට පෙරවරු 07 දක්වා ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.

නිවු සවුත් වේල්ස් හෙදියන් මෙම වසර තුළදී ක්‍රියාත්මක කරන 04 වන වර්ජනය මෙයයි.

එක් සේවා මුරයකදී එක් හෙදියකට වගකීම පැවරෙන රෝගීන් සංඛ්‍යාව 04 ක් දක්වා අඩු කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ අතර බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් ලබාදීමට එකගවූ සියයට 03 ක වැටුප් වැඩිවීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රාන්තයේ හෙදියන් ලබන සිකුරාදා දිනයේදී වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ සියයට 05 ක වැටුප් වැඩිවීමක් හිමිවිය යුතු බවයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »