
ඉතා නුදුරේදී වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු නොවන ලෙස ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානී පිලිප් ලෝ ඔස්ටේ්‍රලියානුවන්ට දන්වා සිටිනවා.
මෙම වසර අවසානයේදී උද්ධමනය සියයට 08 කට ආසන්න වනු ඇති බවත් එය පාලනයට අඛණ්ඩව පොළී අනුපාත වැඩි කිරීමට සිදුවන බවත් ඔහු සඳහන් කලා.
සංචිත බැංකු ප්‍රධානියා මේ බව කියාසිටියේ ඊයේ රාත්‍රී පැවති විශේෂ දේශනයකට එක්වෙමිනුයි.

වැඩිවන උද්ධමනය හමුවේ කිසියම් අයුරකින් වැටුප් වැඩි කිරීමක් සිදුකලහොත් ඔස්ටේ්‍රලියා ආර්ථිකය දැඩි අර්බුදයකට ගමන් කිරීම වළක්වාලිය නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
ආරථීක විශේෂඥයන් පුරෝකථනය කරන්නේ ලබන මාසයේදී ෆෙඩරල් සංචිත බැංකුව රැස්වී cash rate අගය සියයට 3.1 දක්වා ඉහළ දමනු ඇති බවටයි.

එසේ වුවහොත් වසර 10 කට පසු ඉහළම cash rate අගය බවට එය පත්වනු ඇති.