වික්ටෝරියා ඡන්දදායකයන්ට අවසන් දැනුම්දීමක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සඳහා ලියාපදිංචි වීම අද පස්වරු 06 න් අවසන් වනවා.

මේ අතර ඒ සඳහා දැනටමත් ලියාපදිංචි නොවූ කොවිඩ් ආසාධිතයන් සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට වික්ටෝරියා මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙල්ටන් ප්‍රදේශයේ විශේෂ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමටයි කටයුතු යොදා ඇත්තේ.

අදාළ ඡන්ද දායකයන් මෝටර් රථය තුළම සිටිය යුතු අතර ඔවුන්ට කොවිඩ් ආසාධනය වි ඇති බව දැක්වෙන පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණ වාර්තා ප්‍රථිඵලය පෙන්විය යුතු වනවා.

එම විශේෂ ඡන්ද මධ්‍යස්ථානය අද (බදාදා) සහ හෙට (බ්‍රහස්පතින්දා) පෙරවරු 09 සිට පස්වරු 05 දක්වාත් / මැතිවරණ දිනයේදී පෙරවරු 08 සිට පස්වරු 06 දක්වාත් විවෘතව පවතිනු ඇති.

කොවිඩ් ආසාධිතයන්ට මැතිවරණ දිනයේදී දුරකථනය මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

මේ අතර මැතිවරණයෙන් තමන් යළි බලයට පත්වුවහොත් වික්ටෝරියා වෛද්‍ය හිගය මගහැරවීමට තවත් ඩොලර් මිලියන 51 ක මුදලක් වෙන් කරන බවට අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

විපක්ෂ නායක මැතිව් ගයි සඳහන් කලේ තමා ජයගත හොත් වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික පොදු ප්‍රවාහන සේවා ගාස්තුව ඩොලර් 02 ක් දක්වා අඩු කිරීමේ යෝජනාව ජනවාරි පළමුවනදා සිටම ක්‍රියාවට නංවන බවයි.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »