ඔස්ටේ්‍රලියානු ට්‍රක් රියදුරන් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

අධික කාර්ය බහුලත්වය හමුවේ සෞඛ්‍ය තත්වය දුර්වලවීමෙන් ඔස්ටේ්‍රලියානු ට්‍රක් රියදුරන් 6000 ක් පමණ වාර්ෂිකව මරණයට පත්වන බව නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලය සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ ඇතැම් ට්‍රක් රියදුරන් වසර 50 කට වැඩි කාලයක සිට මෙම වෘත්තියේ නිරත වන බවයි.

නිසි ශාරීරික සුවතාවයෙන් නොමැති ට්‍රක් රියදුරන් හේතුවෙන් ඉදිරි දශකය තුළදී ඔස්ටේ්‍රලියා ආර්ථිකයට සිදුවන බලපෑම ඩොලර් බිලියන 2.6 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මීට ඉහතදී මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින්ම සිදුකල වෙනත් අධ්‍යයනයකදී අනාවරණ වි තිබුණේ ඔස්ටේ්‍රලියාවේ වැඩිම වශයෙන් සෞඛ්‍ය පිරිහීමට ලක්වන ක්ෂේත්‍රය ප්‍රවාහන අංශය බවයි.

රිය අනතුරු වැනි දෑ සඳහා වැඩිම නිරාවරණය විමක් සිදුවන්නේ ඔවුන්ට බවද එහිදී අනාවරණය කෙරුණා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »