
ANZSCO හෙවත් ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සම්මත වෘත්තීන් වර්ගීකරණය සඳහා තවත් රැකියා 06 ක් එකතු කර තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිවේදනය කලේ මෙම රැකියා 06 ත් සමග ANZSCO වර්ගීකරණයට ඇතුළත් සමස්ත රැකියා සංඛ්‍යාව 1076 ක් දක්වා ඉහළ යන බවයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව Data analyst, Data scientist, Supply chain analyst & Regulatory affairs manager යන වෘත්තින්ද / ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළව Fire protection plumber සහ Furniture maker යන වෘත්තීන් 02 ද මෙලෙස අලුතින් එකතුකල වෘත්තීන් අතරට අයත්.

පසුගිය මාසවලදී මහජන අදහස් අනුව හඳුනාගත් රැකියා 06 ක් මෙලෙස ඇතුළත් කර තිබෙනවා.
2023 සහ 2024 වසරවලදීත් මහජන උපදේශන සැසිවාර හරහා හඳුනාගන්නා රැකියා ලේඛණයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ANZSCO වර්ගීකරණයට ඇතුළත් සමස්ත රැකියා : https://www.abs.gov.au/statistics/classifications/anzsco-australian-and-new-zealand-standard-classification-occupations/latest-release