බෙන්ස් සමාගමෙන් $ මිලියන ගණනක වන්දි ඉල්ලා වික්ටෝරියාවේදී නඩු

ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් ඉල්ලා සුප්‍රකට මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සමාගමට එරෙහිව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.

ගතවූ වසර 10 ක කාලය තුළදී අලෙවි කරන ලද මෝටර් රථවල හිමිකරුවන්ට එම වන්දි මුදල හිමිවිය යුතු බවටයි එමගින් තර්ක කර ඇත්තේ.

දුම් පරීක්ෂණවලින් සමත්වීම සඳහා අදාළ මෝටර් රථවලට සවිකර ඇති උපාංගයක් හමුවේ මෝටර් රථවල ක්‍රියාකාරීත්වයට හානි සිදුවිය හැකි බවට පැමිණිල්ලේ සඳහන්.

කිසියම් අයුරකින් මෙම නඩුවේදී බෙන්ස් සමාගම පරාජයට පත්වුවහොත් 2008 වසරේ සිට 2018 දක්වා ඔස්ටේ්‍රලියාවේදී අලෙවි කරන ලද මෝටර් රථ සඳහා වන්දි මුදලක් හිමිවීමට නියමිතයි.

අමෙරිකාවේදී පවරන ලද මේ හා සමාන නඩුවකදී මර්සිඩීස් බෙන්ස් සමාගමට ඩොලර් බිලියන 1.3 ක වන්දි මුදලක් ගෙවීමට සිදුවී තිබුණා.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »