Search

ඔස්ටේ්‍රලියා පිතිකරුවන් 02 කගෙන් MCG හිදී නව වාර්තාවක්

නව ක්‍රිකට් වාර්තාවක් පිහිටුවීමට ඔස්ටේ්‍රලියා පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් අද සමත් වුණා.

ඒ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කඩුල්ලක් වෙනුවෙන් තැබූ ඉහළම සබඳතාවය සටහන් කරමින්.

එංගලන්තයට එරෙහි 03 වන එක්දින තරගයේ පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩ නැගූ සබඳතාවය ළකුණු 269 ක්.

ට්‍රැවිස් හෙඩ් ළකුණු 152 ක්ද වෝනර් ළකුණු 106 ක් ද රැස්කලා.

නියමිත පන්දුවාර 48 අවසානයේ ඔස්ටේ්‍රලියාව කඩුලු 05 ක් දැවී ළකුණු 355 ක් ලබාගත්තා.

තරග ජයගැනීමට එංගලන්තය නියමිත පන්දුවාර 48 දී ළකුණු 364 ක් ලබා ගත යුතු වනවා. (ඩක්වත් ලුවිස් න්‍යාය අනුව)

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »