ඔස්ටේ්‍රලියා සරණාගතයන් නවසීලන්තයට යැවීම ඇරඹෙයි

වසර ගණනක් පුරා ඔස්ටේ්‍රලියාවේ රැඳවුම් කඳවුරුවල සිටි සරණාගතයන් අතුරින් පළමු කණ්ඩායම නවසීලන්තයට ළගා වී තිබෙනවා.

සරණාගතභාවය පතා ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් නවසීලන්තයට යොමු කිරීමට දෙරටෙහි රජයන් අතර ඇති කරගත් ගිවිසුම ප්‍රකාරවයි පළමුවෙන් සරණාගතයන් 06 දෙනෙකු මෙලෙස ඕක්ලන්ඩ් නුවරට පැමිණ ඇත්තේ.

අනවසර සංක්‍රමණිකයන් ලෙස බෝට්ටු මගින් පැමිණෙන්නන් අතුරින් වසරකට 150 ක උපරිමයක් යටතේ ඔස්ටේ්‍රලියාවෙන් භාර ගැනීමටයි නවසීලන්තය මෙහිදී එකග වී ඇත්තේ.

මෙම එකගතාවය ක්‍රියාත්මක කිරීමට වසර 10 කට වැඩි කාලයක් ගතවී තිබුණා.

දැනට නාවුරු දූපතේ රඳවා සිටින 112 දෙනෙකුට මේ අනුව ඉදිරියේදී නවසීලන්ත සරණාගතභාවය ලබාදීමට නියමිතයි.

තවත් 1100 ක් වෛද්‍යමය හේතු මත ඔස්ටේ‍රලියාවට රැගෙනවිත් ඇති අතර ඉන් අඩකට වැඩි පිරිසක් community detention සහ bridging visa මත පසුවනවා.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »