නිවු සවුත් වේල්ස් ව්‍යාපාර වෙත $ 50,000 ක ආධාරයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ ජල ගැලීම් තත්වය හමුවේ බලපෑම් එල්ලවූ ව්‍යාපාර වෙත ඩොලර් 50,000 ක ආධාරයක් සැපයීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

පළමුවෙන් ඩොලර් 25,000 ක මුදලක් ඔවුන්ට ලබාදීමට නියමිත අතර අදාළ අලුත්වැඩියා බිල්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉතිරි ඩොලර් 25,000 ලබාදෙනු ඇති.

දින කිහිපයක් ඇතුළත මෙම මුදල් ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ කියාසිටියා.

ජල ගැලීම්වලින් බාධා එල්ලවු නිවාස හිමියන්ට වැඩිහිටියෙකුට ඩොලර් 1,000 ක සහ ළමයෙකුට ඩොලර් 400 ක මූල්‍ය ආධාරය සැපයීම තවදුරටත් බලාත්මක වනවා.

එමෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ඩොලර් 75,000 ක මූල්‍ය ආධාරය ලබාදීමද අඛණ්ඩව සිදු කෙරෙනු ඇති.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »