ක්වීන්ස්ලන්ඩ් හිදී රියදුරන්ට ලැබුණු සහනයක් ඉවතට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රියදුරන්ට විවේක ගැනීම සඳහා ඉදිකර ඇති Driver Reviver ස්ථාන අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්තය පුරා දැනට Driver Reviver මධ්‍යස්ථාන 43 ක් පවතින අතර ඉන් ප්‍රාන්ත රජය විසින් පාලනය කරන ස්ථාන 23 ක් වසා දැමීමට නියමිතයි.

පුද්ගලික අංශය විසින් පාලනය කරනු ලබන සෙසු ස්ථාන 20 තවදුරටත් පවත්වාගෙන යනු ඇති.

දීර්ඝ චාරිකාවල නිරතවන රියදුරන්ට මහමගදී කෙටි විවේකයක් ලබාගැනීම සඳහායි මෙම ස්ථාන ඉදි කරනු ලැබුවේ.

කෙසේවෙතත් ඒවා පවත්වාගෙන යාම තවදුරටත් ලාභදායක නොමැති බවට මෑතකදි නිකුත් කල වාර්තාවක් අනුවයි Driver Reviver ස්ථාන වසා දැමීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »