ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් කොවිඩ් බෝනස් මුදල යලි ඉල්ලයි

කොවිඩ් සමයේදී ලබාදුන් ඩොලර් 2,000 ක ප්‍රසාද දීමනාවක් සෞඛ්‍ය සේවකයන් පිරිසකගෙන් නැවත අයකර ගැනීමට ටස්මේනියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

කොවිඩ් සමයේ කැපවීමෙන් සේවය කල පිරිසකට පිරිනැමූ අදාළ දීමනාව ලැබීමට සුදුසුකම් නොමැති සේවකයන් පිරිසකටද අත්වැරදීමක් හේතුවෙන් එය ගෙවා ඇති බවටයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.

ඒ අනුව එම මුදල නැවත අයකර ගැනීමට ටස්මේනියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සූදානම් වන අතර ඊට සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

කොවිඩ් සමයේදි සියලුම සෞඛ්‍ය සේවකයන් නොපිරිහෙළා සේවය කල බවත් සේවකයන් බෙදා වෙන් කර ප්‍රසාද දීමනා ලබාදීම අනුමත කල නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ අතර සුදුසුකම් ලැබූ සෞඛ්‍ය සේවකයන් සියයට 3 කට පමණ තවමත් අදාළ දීමනාව ලැබී නොමැති බවටද චෝදනා එල්ල වනවා.

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »

සුපිරි වෙළඳසැල් සේවකයන් පාරිභෝගිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න අලුත් වැඩක්

නවසීලන්තයේ Woolworths සුපිරි වෙළදසැල්හි කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් සිදුවන හිංසන ඇතුලු ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුමේ කැමරා පැළඳීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »