ලාංකික Student Visa අයදුම්පත් ගැන ඔස්ටේ්‍රලියාවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව – ඉන්දියාව – පකිස්ථානය සහ නේපාලය යන දකුණු ආසියානු රටවලින් ලැබෙන ශිෂ්‍ය වීසා අයදුම්පත්වලින් බහුතරය ප්‍රතික්ෂේප කිරීමට සිදුවී ඇත්තේ එම අයදුම්කරුවන් සැබෑ ලෙසම අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන්නේදැයි පවතින ගැටලු හේතුවෙන් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වසර තුළදී මෙම රටවලින් ලැබුණු ශිෂ්‍ය වීසා අයදුම්පත්වලින් අනුමැතිය දී ඇත්තේ සියයට 25 ක් වැනි ප්‍රතිශතයකට පමණක් බව සඳහන්.

දකුණු ආසියානු රටවල දැනට පවතින ආර්ථික තත්වය හමුවේ කුමන හෝ වීසා බලපත්‍රයක් ගැනීමට ඇතැමුන් උත්සාහ දරන බවක් පෙනී යන බවයි ස්වදේශ දෙපාර්තමේන්තුව පවසන්නේ.

එබැවින් දකුණු ආසියානු රටවලින් ලැබෙන ශිෂ්‍ය වීසා අයදුම්පත් දැඩි විමසුමකට ලක් කිරීමටයි ඔස්ටේ්‍රලියානු ආගමන අංශ පියවර ගෙන ඇත්තේ.

සමස්තයක් ලෙස මෙම රටවලින් වෘත්තීමය අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව සියයට 15 ක් දක්වාත් ද්වීතියික අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව සියයට 50 ක් දක්වාත් පහත වැටී ඇති බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »