වික්ටෝරියානු පාර්ලිමේන්තුව මෙල්බර්න් හි කිලෝමීටර් 5 සීමාව පවත්වාගෙන යාමට ඡන්දය දීමත් සමඟ කලාපීය වික්ටෝරියාහි නැවතත් කොරෝනා ආසාදිතයින් වාර්තා වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියානු පාර්ලිමේන්තුව මෙල්බර්න් හි කිලෝමීටර් 5 සීමාව පවත්වාගෙන යාමට ඡන්දය දීමත් සමඟ කලාපීය වික්ටෝරියාහි නැවතත් කොරෝනා ආසාදිතයින් වාර්තා වේ.

Victorian parliament votes to keep Melbourne’s 5km rule as three new regional cases recorded.

වික්ටෝරියානු අගමැති Daniel Andrews හට අඟහරුවාදා රාත්‍රියේ විපක්ෂ නායක Michael O’Brien විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ රාත්‍රියේ ඡන්ද විමසීමෙන් 44-23 ලෙස පරාජයට පත් විය​.

ඒ අනුව​, නගරයේ වර්තමාන COVID-19 සීමාවන්ගෙන් කොටසක් වන මෙල්බර්න් හි කිලෝමීටර් 5 ක සීමාව සීමා කිරීමට උත්සාහ කළ ලිබරල්වාදීන් විසින් කරන ලද සංශෝධනය ද ප්‍රතික්ෂේප විය​.

පාර්ලිමේන්තු විවාදය උත්සන්න වෙද්දී, ඊයේ රාත්‍රියේ කලාපීය වික්ටෝරියා හි නගරයක් වන​ Shepparton නගරයෙන් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු තහවුරු විය.

සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව Shepparton නගරයේ පදිංචිකරුවන්ට හැකි ඉක්මනින් කොරෝනා සඳහා  පරීක්‍ෂා කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දී තිබේ.

Shepparton නගරයේ දැඩි අවදානම් ස්ථාන

  • Central Tyre Service, Welsford Street – 30 September to 13 October
  • Bunnings Warehouse, Midland Highway – 2 October
  • McDonalds Shepparton North, 175 Midland Highway – 3 October

COMMENTS