
ඔස්ටේ්‍රලියානුවන් අතර අතිශය ජනප්‍රිය භාණ්ඩ මිළදී ගෙන පසුව මුදල් ගෙවීමේ ක්‍රම (buy now, pay later) සඳහා දැඩි රෙගුලාසි පැණවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මූල්‍ය සේවා අමාත්‍ය ස්ටීවන් ජෝන්ස් සඳහන් කලේ නිසි නියාමනයකට සහ අධීක්ෂණ ක්‍රියාවලියකට එය යටත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ් හෝ ණය මත භාණ්ඩ මිළදී ගැනීම් සම්බන්ධයෙන් එහිදි වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතයි.

Afterpay සහ Zip වැනි සේවා හරහා භාණ්ඩ මිළදී ගැනීම ඔස්ටේ්‍රලියානුවන් අතර මේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙනවා.
පසුගිය වසරේ මුල් මාස 06 තුළදී එලෙස මිළදී ගෙන තිබූ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 11.5 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

කෙසේවෙතත් මේ සඳහා වැඩි වශයෙන් යොමුවන්නේ වයස අවුරුදු 35 ට අඩු තරුණ තරුණියන් වීමත් නිසි නියාමනයකට යටත් නොවීමත් හමුවේ විවිධ අක්‍රමිකතා සිදුවන බවටද චෝදනා එල්ල වනවා.
ගෙවීම් පැහැර හැරීම ඒ අතරින් ප්‍රමුඛ වනවා.