වික්ටෝරියා මැතිවරණ සටන අවසන් සතියට

තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ අවසාන සතියට එළැඹී තිබෙනවා.

ලබන සෙනසුරාදා පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් පසුගිය සිකුරාදා වනවිට ලක්ෂ 07 කට ආසන්න පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මැතිවරණයෙන් තමා ජයගතහොත් නත්තලට පෙර සියලුම කොවිඩ් නීති අහෝසි කරන බවට විපක්ෂ නායක මැතිව් ගයි ප්‍රතිඥා දෙනවා.

ඒ සඳහා නත්තල් උත්සවයට පෙර ප්‍රාන්ත පාර්ලිමේන්තුව කැඳවා අදාළ නීති සම්මත කරගන්නා බවටයි ඔහු සහතික වන්නේ.

මේ අතර ලේබර් පක්ෂ රජයක් යටතේ වයස අවුරුදු 03 – 04 අතර දරුවන් පෙරපාසල් ගාස්තුවලින් මුලුමනින්ම නිදහස් කරන බවට අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

එමෙන්ම මධ්‍යස්ථාන 50 ක් අලුතින් ඉදි කරන බවටයි ඔහු ප්‍රතිඥා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »