අගමැති ඇල්බනීස්ට තීරණාත්මක සතියක් හෙට සිට

අගමැති ඇන්තනී ඇල්බනීස් ට දේශපාලනමය වශයෙන් ඉතා වැදගත් සතියක් හෙටින් උදාවනවා.

කාර්මික සබඳතා නීතිය සඳහා ගෙන එන සංශෝධන සිදුකිරීම ඉන් ප්‍රමුඛ වනවා.

මෙම වසරේ අවසාන පාර්ලිමේන්තු සති 02 තුළදි එය ඉදිරිපත් කර සම්මත කරගැනීමටයි ලේබර් පක්ෂ රජය සූදානමින් සිටින්නේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඊට අනුමැතිය දුන් නමුත් සෙනට් සභාව තුළින්ද එය සම්මත විය යුතුයි.

කිසියම් අයුරකින් මෙම පණතට බහුතර බලයක් ගැනීම අසීරු යැයි හැගී ගියහොත් ග්‍රීෂ්ම සෘතු නිවාඩුව සඳහා පාර්ලිමේන්තුව කල් තැබීමද ප්‍රමාද කිරීමට තමා සූදානම් බව අගමැති ඇල්බනීස් පසුගියදා සඳහන් කලා.

ඔස්ටේ්‍රලියානු වැඩබිම් නීති සංශෝධන පණත් කෙටුම්පත මගින් වැටුප් සම්බන්ධයෙන් සේවා යෝජකයන් සමග තීරණවලට එළැඹිමේදී සේවකයන්ට වැඩි බලතල හිමිවීම විශේෂත්වයක්.

සෙනෙට් සභාවේදී ද සම්මත වුවහොත් මෙම පණත් කෙටුම්පත නීතියක් ලෙස බලාත්මක වනු ඇති.

කෙසේවෙතත් සේවා යෝජකයන් බහුතරයක් මෙම කෙටුම්පතට විරෝධය පළකර ඇත්තේ එමගින් ඔවුන්ට ඇති බලතල අඩුවන බවට චෝදනා කරමිනුයි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »