පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර යළි දිවයිනට පැමිණියේය.
බැසිල් රාජපක්ෂ මාස එක හමාරක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටි අතර, විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ද ඔහු ඇමරිකාවේ සිටියදීය.
මේ අතර, බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
දැනට අඩපණ වී ඇති පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා ඒ මහතා මෙසේ ඉක්මනින් දිවයිනට පැමිණෙන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
ඊට අමතරව අයවැය යෝජනාවලිය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කිරීම සඳහා ද ඔහු මැදිහත් වනු ඇතැයි ද වාර්තා වෙයි.
මේ අතර කැබිනට් මණ්ඩලයේ ඉතිරි අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ද ඉක්මනින්ම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.