Search

ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණය ලක්ෂ 20 කින් වැඩිවනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 65 ට වැඩි ජනගහණය ඉදිරි වසර 20 තුළදී සියයට 50 කින් එනම් ලක්ෂ 20 කින් පමණ ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව 2041 වසර වනවිට එම වයස් කාණ්ඩයේ සමස්ත ජනගහණය ලක්ෂ 67 කට ආසන්න වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

දැනට එය පවතින්නේ මිලියන 4.3 ක් ලෙසයි.

මේ අතරට අයත් වන වයස අවුරුදු 85 ට වැඩි ජනගහණය දැනට පවතින 534,000 සිට 2041 වසර වනවිට මිලියන 1.3 ක් හෙවත් සියයට 140 කින් පමණ වැඩි වනු ඇති බවටද තක්සේරු කර තිබෙනවා.

පසුගිය වසරේ සංගණනයට අනුව ඔස්ටේ්‍රලියාවේ ජනගහණය සටහන්වූයේ මිලියන 25.7 ක් ලෙසයි.

2041 වසරේදී එය මිලියන 32 ක් දක්වා ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »