Search

ළමා ලිංගික අපරාධකරුවන්ට ක්වීන්ස්ලන්ඩ් නව දැඩි නීති

ළමා ලිංගික අපරාධකරුවන්ට එරෙහිව නව දැඩි නීති හඳුන්වාදීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් පියවර ගැනීමට ප්‍රාන්ත පොලිසියට අමතර බලතල ලබාදීමක් එහිදී සිදුවනු ඇති.

ඒ අනුව කිසියම් අපරාධකරුවෙකු ඩිජිටල් උපාංගයක් භාවිත කරන බවට තහවුරු වුවහොත් ඔහුගේ නිවසට පිවිස පරීක්ෂා කිරීමටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසියට ඒ යටතේ අමතර බලතල හිමිවනවා.

ළමා අපරාධ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් විසින් මෙවැනි නීතිමය පියවරක් අනුගමනය කෙරෙන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

කිසියම් චූදිතයෙකු පොලිස් රාජකාරියට බාධා කරන්නේ නම් උපරිම වසර 05 ක සිර දඩුවමක්ද ඒ යටතේ පැණවීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »