Search

පැට් කමින්ස් මෙහෙයවූ පළමු තරගයේදීම ඔස්ටේ්‍රලියා කණ්ඩායමට දඩ

එක්දින නායකයා ලෙස පැට් කමින්ස් මෙහෙයවූ පළමු එක්දින තරගයේදීම ඔස්ටේ්‍රලියා කණ්ඩායමට අයි සී සී ය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ පන්දු යැවීමේ වේගය අඩු මට්ටමක පවත්වා ගැනීම හේතුවෙනුයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඇඩිලේඩ් නුවර පැවති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර 02 ක් අඩුවෙන් යවා තිබීම හමුවේ ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් පණවා තිබෙනවා.

මෙම තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 06 ක ජයක් හිමිවුණා.

අයි සී සී නීති අනුව නියමිත වේලාවට අඩුවෙන් යවා ඇති සෑම පන්දු වාරයකටම තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් පැණවීමට නියමිතයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »