Search

ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස් විශේෂ වැඩක

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන පෝල් ස්ටීවන්ස් (Paul Stephens) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

පෝල් ස්ටීවන්ස් (Paul Stephens) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිළ හමුව මෙයය.

මෙම නිල හමුවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර සුහද සාකච්ඡාවක් සිදු කෙරිණි.

මෙම නිළ හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Ian Cain) සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ ප්‍රථම ලේකම් බ්‍රෙට් සෙහ්න්ඩර් (Mr Brett Zehnder) ද සහභාගී විය.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වෙත සමරු තිලිණයක් ලබාදීමද සිදුකෙරිණි.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »