Search

ලබන වසරේදී වැටුප් වැඩිවීම් ලැබිය හැකි සේවා අංශ හෙළි කෙරේ

ලබන වසර තුළදී ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවීම් ලැබිය හැකි සේවා අංශ කිහිපයක් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව තොරතුරු තාක්ෂණය – වෙළඳ හා අලෙවි – ඉංජිනේරු යන අංශවල සේවකයන්ට ඉහළ වැටුප් වැඩිවීම් ලැබිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

එම අංශවල පවතින ඉහළ ඉල්ලුම සහ සේවක හිගය මීට මූලික වශයෙන් බලපා ඇති බව සඳහන්.

මෙම අංශවල සේවකයන්ට සියයට 15 සිට සියයට 22 දක්වා වන වැටුප් වැඩිවීම් ලැබෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මීට අමතරව තාක්ෂණ – ජෛව විද්‍යා – පතල් – සිල්ලර ව්‍යාපාර වැනි අංශවල සේවක සේවිකාවන්ට සියයට 03 ත් 05 ත් අතර වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය මේ වනවිට සටහන් වන්නේ සියයට 3.4 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »