ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයක් නියම කල ඩොලර් 150,000 ක ඇප මුදල තැන්පත් කර ඇත්තේ මෙල්බන් නුවර වාසය කරන ධනවත් ලාංකික කාන්තාවක් විසින් බවට වාර්තා වනවා.
ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මුළු මුදලම අධිකරණයේ තැන්පත් කිරීමට ඇය පියවර ගෙන ඇති අතර ඇය සහ ධනුෂ්ක ගුණතිලක අතර ඇති සම්බන්ධය මෙතෙක් තහවුරු වී නැහැ.
මේ අතර ඔස්ට්‍රලෙියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ධනුෂ්ක ගුණතිලකට රැකවරණ ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා.
මේ වන විට ඔහු වාසය කරන්නේ ඔහුට දෙවැනි වර ඇප ලබා ගැනීම සඳහා ලබාදුන් ඔස්ට්‍රලෙියානු ලිපිනය අයත් ධනවත් ශ්‍රී ලාංකික පවුලක් සමගින් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබා දීමත් සමගම ඔහු ඔස්ට්‍රලෙියාවේ වාසය කරන කාලසීමාව තුළදී ඔහුගේ වියදම් දැරීමට සහ නවාතැන් පහසුකම් සැපයීමට සිඩ්නි නුවර වාසය කරන ධනවත් ශ්‍රී ලාංකික පවුල් ගණනාවක් ඉදිරිපත් වී ඇතැයි සඳහන්.
මීට අමතරව මෙල්බන් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ධනුෂ්කගේ වියදම් සඳහා මුදල් ලබාදීමට එකගතාව පළකර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ අත්අඩංගුවට ගැනුණු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නඩුවේ මීළග කැඳවීම යෙදී ඇත්තේ ජනවාරි මස 12 වැනි දිනටයි.