Search

2024 තෙක් ගුවන් ගාස්තු අඩු නොවන හැඩ

ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු දැනට පවතින ඉහළම අගයන් 2024 වසර අවසානය වනතෙක්ම පවතිනු ඇති බවට විද්වතුන් පිරිසක් අනාවැකි පළකර තිබෙනවා.

ලොව පුරා ඉන්ධන මිළ ගණන්වල ඉහළයාම සහ කොවිඩ් සමයේදී ආරම්භ වු ගුවන් ගමන් කර්මාන්තයේ කඩා වැටීම තවදුරටත් පැවතීම ඊට හේතුවයි.

ගුවන් යානා ආශ්‍රිතව සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ව්‍යාපාරික පංතියේ (Business Class) ආසන අලෙවි වීම ඉතා අවම මට්ටමක පවතින බවයි.

එබැවින් එම පිරිවැයද සාමාන්‍ය පිරිමැසුම්දායක පංතියේ ආසන සඳහා එකතු කිරීමෙන් එම ආසනවල මිළ ගණන් සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවද සඳහන්.

2018 වසරේ පැවති ගුවන් යානා ප්‍රවේශපත්‍ර මිළ ගණන් වෙත ගාස්තු අඩුවීමක් නැවත කිසිදු අයුරකින් අපේක්ෂා කල නොහැකි නමුත් 2024 අවසානය වනවිට යම්තාක් දුරක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි විද්වතුන් පවසා ඇත්තේ.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »