සතියේ වැඩ කරන දින ගණන 04 ක් බවට මෙල්බන් සමාගමක් විසින් ස්ථිරවම ප්රකාශයට පත් කර තිබෙනවා.
මාස 06 ක අත්හදා බැලීමේ කාලයකින් පසුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
අත්හදා බැලීමේ කාලය තුළදී සේවකයන්ගේ ඵලදායීතාවය ඉහළයාම සැළකිල්ලට ගෙනයි සතියේ වැඩ කරන දින ගණන 04 ක් ලෙස ප්රකාශයට පත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
පවුලේ සාමාජිකයන් සහ විශේෂයෙන් දරුවන් සමග කාලය ගත කිරීමට මේ හරහා ඔවුන්ට වැඩි අවස්ථාවක් හිමිවීම විශේෂත්වයක්.
නව වැඩපිළිවෙලත් සමග අසනීප නිවාඩු ඉල්ලීම සියයට 36 කින් පහළ ගොස් ඇති අතර ඵලදායිතාවය සියයට 105 කින් ඉහළගොස් තිබෙනවා.
කාර්යාලය තුළ සේවය කරන කාලය සියයට 80 දක්වා අඩුවුවද වැටුප සියයට 100 ක් ලෙසම පවතිනු ඇති.