වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට ප්‍රාන්ත මැතිවරණ කොමිසම සෘජුව මැදිහත්වී ඇති බවට ප්‍රාන්ත විපක්ෂය වන ලිබරල් පක්ෂය චෝදනා කරනවා.
විපක්ෂ නායක මැතිව් ගයි සහ ඔහුගේ සමීපතමයෙකු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් දූෂණ මර්දන කොමිසමට යොමු කිරීමේ සිද්ධිය පාදක කරගෙනයි ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
https://twitter.com/msanto92/status/1593446389693890562?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1593446389693890562%7Ctwgr%5E2415d83c37a3646a3ffcfa2c082bcea3e9a4f636%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fvictorian-election-liberals-accuse-the-electoral-commission-of-interfering-with-the-victorian-election%2F8a97b7a2-94fd-475e-8ec6-4dbfbd57052c
වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂ නායක මැතිව් ගයි සහ ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සම්බන්ධයෙන්ද විමර්ශනයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රාන්ත දූෂණ මර්දන අංශ වෙත යොමු කර තිබෙනවා.
ඒ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් තොරතුරු හෙළි නොකිරීමේ සිදුවිමකට අදාළවයි.
මැතිව් ගයි ගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී මිච් කැට්ලින් විසින් සිය පුද්ගලික ව්‍යාපාරික කටයුත්තක් සඳහා පක්ෂ ආධාරකරුවෙකුගෙන් ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
කෙසේවෙතත් ඊට අදාළව කිසිදු ගිවිසුමක් හෝ කොන්ත්‍රාත්තුවක් අත්සන් කර නැතැයි විපක්ෂ නායක මැතිව් ගයි සඳහන් කර තිබුණා.
එහෙත් මෙම සිදුවීම නීතියට පටහැණි බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමටයි මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත්තේ.
ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසම පසුගියදා විමර්ශනයක් ආරම්භ කලා.