සිඩ්නි මගීන්ට වැඩ කරන සතියක් නොමිළයේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ ප්රවාහන වෘත්තිය සමිති විසින් ලබන සතියේදී ක්රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙනුයි.
ලබන සඳුදා සිට සිකුරාදා දක්වා ක්රියාත්මක කරනුයේ සති අන්තයේ දුම්රිය කාලසටහන බවටයි වෘත්තිය සමිති අනතුරු අගවා සිටින්නේ.
වැටුප් ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා බිඳ වැටීම මීට හේතුවයි.
මෙය වළක්වාලීමට මගීන්ට සතියක කාලයක් නොමිළයේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව දෙන්නැයිද වෘත්තිය සමිති ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුවයි මෙලෙස ලබන සතියේ දින 05 ක් සිඩ්නි නොමිළයේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව උදාවී ඇත්තේ.