ප්‍රාන්ත 02 ක් කොවිඩ් රෙගුලාසි දැඩි කරයි

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා රෝහල්වල නැවත වරක් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

සේවකයන් – රෝගීන් මෙන්ම අමුත්තන් සඳහාද එම නියමය බලාත්මක වනු ඇති.

එමෙන්ම පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවද සීමා කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි සඳහන් කලේ.

එළඹෙන උත්සව සමය බාධාවකින් තොරව සැමරිය හැකි පරිදි මෙම රෙගුලාසි පණවන බවද ඔවුන් කියාසිටියා.

පසුගිය සතියේදී 645 ක් ලෙස පැවති නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හුදකලා කර සිටි සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව මේ වසරේදී 1089 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රෝහල් සේවක එන්නත්කරණ රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව රෝගීන් සමග සමීපව කටයුතු කරන සියලු සේවකයන් නිසි එන්නත්කරණයට ලක්ව සිටීම අනිවාර්ය වනු ඇති.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »