වික්ටෝරියානුවන් ලක්ෂ 06 ක් ඡන්දය දී අවසන්

තවත් දින 08 කින් පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා ප්‍රාන්තවාසීන්ගෙන් විශාල පිරිසක් මේ වනවිටත් ඡන්දය ප්‍රකාශ කර අවසන් බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 26 වනදා මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දක්නට නොලැබෙනු ඇති බවටයි නිරීක්ෂකයන් අනාවැකි පළකර සිටින්නේ.

මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 4.4 ක් වන අතර ඉන් ලක්ෂ 06 කට ආසන්න පිරිසක් දැනටමත් ගතවූ දින 04 තුළදී ඡන්දය භාවිත කර අවසන්.

ඉදිරි දින 07 තුළදීත් සැළකිය යුතු පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවටයි වික්ටෝරියා මැතිවරණ කොමිසම අනාවැකි පළකර සිටින්නේ.

2018 වසරේ පැවති වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී පූර්ව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 1/3 ක් පමණයි.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »