ඔස්ටේ්‍රලියාවේ මගී නෞකා යළිත් Face masks අනිවාර්ය කරයි

කොවිඩ් අවධානම ඉහළයාමත් සමග නැවත වරක් මුහුණු ආවරණ භාවිතය අනිවාර් කිරීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රමුඛතම නෞකා සමාගමක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කානිවල් සමාගම විසින් හිමිකාරීත්වය දරන සියලුම මගී ප්‍රවාහන නෞකා තුළදී මගීන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වනු ඇති.

ආහාර පාන ගැනීමේදී පමණක් ඒවා ඉවත් කරන ලෙසයි කානිවල් සමාගම මගීන්ට දන්වා ඇත්තේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට මුහුණු ආවරණ අනිවාර්ය නොකිරීමට ඔවුන් මීට ඉහතදි පියවර ගෙන තිබුණා.

නැවත වරක් කොවිඩ් වසංගත තත්වයක් උදාවීම වළක්වා ගැනීම සඳහා මෙම තීරණය අකමැත්තෙන් වුවද ගැනීමට සිදුවූ බව කානිවල් සමාගම කියාසිටියා.

එමෙන්ම මගීන් සඳහා අනිවාර්ය එන්නත්කරණයද තවදුරටත් බලාත්මකයි.

මේ අතර අද නිකුත් කල පසුගිය සතියේ කොවිඩ් සංඛ්‍යාලේඛණ අනුව ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන අයුරින් ඉහළ ගිය ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »