Voly ද ඔස්ටේ්‍රලියාව හැර යයි

ඔස්ටේ්‍රලියාව තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ සේවාවක් ලෙස කටයුතු කල Voly ද සිය සේවා නතර කිරීමට තීරණය කර තිබෙනවා.

2020 වසරේදී මෙහෙයුම් ආරම්භ කල ඔවුන් අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ කොවිඩ් ලොක්ඩවුන් සමයේදී විනාඩි 15 ක් ඇතුළත ද්‍රව්‍ය බෙදා හැරීම හේතුවෙනුයි.

ආර්ථික ගැටලු හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ සිය කටයුතු නතර කිරීමට සිදුව ඇති බවයි Voly නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

සතියක් තුළ ඔස්ටේ්‍රලියාව තුළ සේවා නතර කල දෙවන බෙදා හැරීම් සේවාව බවට මේ අනුව Voly පත්වනවා.

ජනප්‍රිය ආහාර බෙදා හැරීමේ සේවාවක් වන Deliveroo ද පෙරේදා දිනයේදී සිය මෙහෙයුම් නතර කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »