ඉන්දියානුවන්ට අපහාස වන ආකාරයේ පුවරුවක් පළකල ඇඩිලේඩ් නගරයේ තැපැල් කාර්යාලයක් සම්බන්ධයෙන් Australia Post සමාව අයැද තිබෙනවා.
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන ඉන්දියානුවන්ට එම ස්ථානයේදී ඡායාරූප ලබාගත නොහැකි බවටයි අදාළ දැන්වීමෙහි සඳහන් කර තිබුණේ.
සිය සමේ පැහැය ඉලක්ක කර එම දැන්විම ප්‍රදර්ශනය කර ඇති බවටයි ඉන්දීය ජාතිකයන් විසින් චෝදනා එල්ල කර තිබුණේ.
මෙය මුලුමනින්ම වර්ගවාදී අදහස් දැක්වීමක් බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.
සමාජ මාධ්‍යවලද මේ පිළිබඳව දැඩි විවේච්චනාත්මක අදහස් පළවී තිබූ අතර අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමටයි Australia Post විසින් කටයුතු කර ඇත්තේ.