වික්ටෝරියා මැතිවරණයේදී තීරණාත්මක සාධක 02 ක්

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී තීරණාත්මකම සාධක 02 බවට ජීවන වියදම සහ අවංකභාවය පත්ව ඇතැයි නවතම අධ්‍යයනයකදී හෙළිකරගෙන තිබෙනවා.

අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 770 ක් සහභාගී කරගනිමින් සිදුකල සමීක්ෂණයකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එහිදී 1/3 කට ආසන්න පිරිසක් පවසා තිබුණේ 2018 මැතිවරණයේදී තමන් ඡන්දය ප්‍රකාශ කල පක්ෂයට මෙවර ඡන්දය නොදීමට තීරණය කර ඇති බවයි.

සෞඛ්‍ය – ප්‍රවාහනය සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ණය තත්වය මෙවර මැතිවරණයේදී අනෙකුත් තීරණාත්මක සාධක බවට පත්වී තිබෙනවා.

ලබන 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර සියයට 58 කට ආසන්න පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවටද අනාවැකි පළවී තිබෙනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »