Search

ඇමතිනියත් නොදැනුවත්ව සරණාගතයන් පිටුවහල් කිරීමේ තැතක්

වහා රටින් පිටවන්නැයි සරණාගතයන් සහ දේශපාලන රැකවරණ පතන්නන් 500 කට ආසන්න පිරිසකට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලිපි යොමු කර ඇත්තේ සිය අනුදැනුමකින් තොරව බව ස්වදේශ ඇමතිනී ක්ලෙයාර් ඔනිල් පවසනවා.

මින් ඉදිරියට මෙවැනි ලිපි යැවීමෙන් වළකින්නැයි තමා අදාළ බළධාරීන්ට දන්වා සිටි බවයි ඇමතිනිය සඳහන් කලේ.

දැනට bridging වීසා මත සිටින පිරිසකට පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මෙම ලිපි යවා ඇති බව සඳහන්.

මින් බහුතරයක් වසර ගණනාවක සිට රැඳවුම් කඳවුරුවල සිටින අතර ස්ථිර පදිංචිය අපේක්ෂා කරන්නන් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මෙම පිරිසට පසුව යවන ලද ලිපියක දක්වා ඇත්තේ අත්වැරදීමක් හේතුවෙන් අදාළ ලිපි යවා ඇති බැවින් එය නොසළකා හරින ලෙසයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »