Breaking: ධනුෂ්ක ගුණතිලකට ඇප

ලිංගික අතවර චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයක් ඇප නියම කර තිබෙනවා.

ඩොලර් 150,000 ක් ඇපයක් මතයි ඔහු මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකා රජයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මේලනය විසින් ඔහුට අදාළව වෙන වෙනම ඇප විය යුතු බවටද නියමයක් පණවා තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට ඇප නියම වුවද ඔහුට ඔස්ටේ්‍රලියාවෙන් පිටත්වීමට අවසර නොලැබෙන අතර දිනපතා පොලිසියට වාර්තාකල යුතු වනවා.

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 04 ක් මත අත්අඩංග-ුවට ගැණුනේ පසුගිය 06 වනදායි.

31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය.

එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.

එම සිදුවීම සිදුකර තිබුණේ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී බව අධිකරණයේදී හෙළිවිය.

මහෙස්ත්‍රාත් ජැනට් වැක්විස්ට් විසින් පහත සඳහන් ඇප කොන්දේසි ධනුෂ්කට එරෙහිව පනවා තිබේ.

*ඩොලර් 150,000 ඇපයක්
*දිනපතා පොලීසියට වාර්තා කළ යුතුය
*රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන් තහනම්ය
*ටින්ඩර් සහ වෙනත් Dating App භාවිතය තහනම් ය.
*පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් ය.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »