වික්ටෝරියා කතකගේ පැරණි බිල්වලින් ලක්ෂ ගණනක ලොතරැයියක් මතුවෙයි

සිය මෝටර් රථයේ පැරණි බිල්පත් අතර තිබී ඩොලර් 580,000 ක දිනුමක් සහිත ලොතරැයියක් හමුවූ වික්ටෝරියා කාන්තාවක පිළිබඳ පුවතක් වාර්තා වනවා.

මාස 04 කට ආසන්න කාලයක් එම ලොතරැයිය ඇයගේ පැරණි බිල්පත් අතර තිබී ඇති බව සඳහන්.

ජූලි 02 වනදා දිනුම් අදින ලද TattsLotto ලොතරැයියේ Division 01 දිනුම් 09 අතුරින් එකක් ඇයටද මෙලෙස ලැබී තිබෙනවා.

ඒ අනුව ඇයට හිමිවන සමස්ත දිනුම් මුදල $580,525.35 ක්.

මෙම කාන්තාවගේ ලොතරැයි අංක ලියාපදිංචි කර නොතිබූ බැවින් ඇය සම්බන්ධ කර ගැනීමට ලොතරැයි බලධාරීන්ට මාස 04 කට වැඩි කාලයත් ගතවී තිබුණා.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »