
කොවිඩ් සමයේ හෝටල් නිරෝධායන කටයුතු වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 140 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.
පුද්ගලයන් 20,000 කට ආසන්න පිරිසක් එලෙස හිග මුදල් ගෙවීමට සිටින බව සඳහන්.
ඇතැමුන්ගේ නිරෝධායන ගාස්තුව ඩොලර් 3,000 ද ඉක්මවා ගොස් ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

වැඩිම මුදලක් ගෙවීමට නියමිතව ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහා වන අතර එම මුදල ඩොලර් මිලියන 50.6 ක්.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සඳහා ඩොලර් මිලියන 42 ක මුදලක්ද – වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහා ඩොලර් මිලියන 20 ක මුදලක්ද ලැබීමට නියමිතව තිබෙනවා.

කොවිඩ් සමයේදී හෝටල් නිරෝධායනය සඳහා කිසිදු ගාස්තුවක් අය නොකල එකම ප්‍රාන්තය ටස්මේනියාවයි.
මේ අතර ඇතැම් පුද්ගලයන් චෝදනා කර තිබුණේ හෝටල් නිරෝධායනය වෙනුවෙන් ගාස්තුවක් අය කරන බවට තමන්ට කිසිදු අවස්ථාවක දැනුම්දීමක් සිදු නොකල බවයි.