ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය තවත් පහළට

ඔක්තෝබර් මාසයේදී ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 3.4 ක් දක්වා අඩු වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ සැප්තැම්බර් මාසයට වඩා එහි පහළයාම සියයට 0.1 ක් බවයි.

නව රැකියා 32,000 ක් පසුගිය මාසයේදී බිහිවී ඇති අතර විරැකියාවෙන් පෙලෙන සංඛ්‍යාව ඔක්තෝබර් මාසයේදී 21,000 කට ආසන්න අගයකින් අඩුවී ඇති බවද සඳහන්.

පිරිමින්ගේ විරැකියා අනුපාතය සියයට 3.2 ක් ලෙස පවතින අතර එය 1974 නොවැම්බර් මාසයෙන් පසු සටහන් වූ පහළම විරැකියා අනුපාතයද වනවා.

කාන්තා විරැකියා අනුපාතය පවතින්නේ සියයට 3.6 ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »