ඔස්ටේ්රලියාවේ ගොඩගැසී තිබූ වීසා අයදුම්පත් සංඛ්‍යාව 755,000 දක්වා අඩු වී තිබෙනවා.
එය එක් අවස්ථාවක ලක්ෂ 10 ක ඉක්මවා තිබූ අතර පසුගිය ජුනි 01 සිට වීසා අයදුම්පත් ලක්ෂ 30 කට වඩා සලකා බලා අවසන් කර ඇති බවයි සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සඳහන් කලේ.
වීසා අයදුම්පත් සලකා බැලීම සඳහා තවත් කාර්ය මණ්ඩලය 300 කට ආසන්න පිරිසක් මේ වනවිට බඳවාගෙන තිබෙනවා.
මේ වසර අවසන් වන විට ගොඩගැසුණු වීසා අයදුම්පත් ප්‍රමාණය 600,000 ක් දක්වා අඩු කිරීම රජයේ සැළසුම බවද සංක්‍රමණ අමාත්‍යවරයා කියාසිටියා.
පසුගිය අයවැයේදී මෙරට වීසා අයදුම්පත් සැකසීම සඳහා ඩොලර් මිලියන 36.1 ක් වෙන් කෙරුණා.
ගොඩගැසී ඇති වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීම සඳහා කාර්ය මණ්ඩලය මාස 9 ක් ඇතුළත 500 දෙනෙකුගෙන් වැඩි කිරීමද ඊට අයත්.
skilled වීසා අයදුම්පත් සලකා බැලීමේ සාමාන්‍ය කාලය 2015-16 දී මාස හතරක් ලෙස පැවති අතර ගතවූ සෑම වසරකම එය මාසයකින් පමණ වැඩිවු බවත් 2018-19 වනවිට එය මාස හතක් දක්වා වැඩිවී තිබූ බවත් සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් ප්‍රකාශ කලා.