අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2024 ජනාධිපතිවරණයට යළි තරග කරන බවට නිවේදනය කිරීමේ අවස්ථාවට ඔස්ටේ්රලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැළකෙන ගිනා රයින්හාර්ට් ද සහභාගී වී තිබෙනවා.
ඇයට එහිදී ප්‍රමුඛතම අසුනක් ලැබී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු මාධ්‍ය විසින් ආන්දෝලනාත්මක පුවත් පළ කර ඇති නමුත් ගිනා රයින්හාර්ට් විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ.
2019 වසරේදී එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සුපිරි ධනවතුන් සඳහා පවත්වන ලද ප්‍රිය සම්භාෂණයකටද ඇය සහභාගී වී තිබුණා.
ඔස්ටේ්රලියාවේ පතල් කර්මාන්ත කිහිපයක හිමිකාරිනියක වන ගිනා රයින්හාර්ට් මෙරට ධනවත්ම කාන්තාවයි.