
නත්තල් සමය වනවිට විදුලි සහ ගෑස් මිළ ගණන් ඉහළයාම වළක්වාලීමට පියවර ගෙන ඇති බව ෆෙඩරල් මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.
විදුලි සහ ගෑස් සමාගම් සමග සාකච්ඡා කර විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි ඔහු සඳහන් කලේ.
ඇතැම්විට පාර්ලිමේන්තුව හරහා නීති සම්මත කිරීමකට වුවද තම අවධානය යොමුවී ඇති බවත් ෆෙඩරල් භාණ්ඩාගාරිකවරයා කියාසිටියා.

යුක්රේන අර්බුදය සහ තවත් ගෝලීය කරුණු කිහිපයක් හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ විදුලි හා ගෑස් මිළ ගණන් ඉදිරි සතිවලදී කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවටයි අනතුරු අගවා ඇත්තේ.
