සැප්තැම්බරයේ පැමිණීම් – පිටත්වීම් මිලියනය පනී

සැප්තැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණි සහ පිටත්ව ගිය සංචාරකයන් සහ සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

විවිධ වීසා බලපත් මත එම මාසයේදී රටට පැමිණ තිබූ පුද්ගලයන් සංඛ්‍යාව 10 ලක්ෂ 71 දහස් 520 ක් වන අතර එය පෙර මාසයට සාපේක්ෂව 43,820 ක ඉහළයාමක්.

මෙලෙස පැමිණි පුද්ගලයන් අතුරින් 633,790 ක්ම කෙටි කාලීන වීසා බලපත් මත පැමිණි අයයි.

ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව ගොස් තිබූ සංඛ්‍යාව මෙම මාසයේදී සටහන්වී තිබුණේ 10 ලක්ෂ 40 දහස් 550 ක් ලෙසයි.

එය අගෝස්තු මාසයට වඩා පුද්ගලයන් 98,340 ක ඉහළයාමක් බව සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කර ඇති දත්ත සංඛ්‍යාලේඛණවල සටහන්.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »