සති 02 ක් තුළ 02 වරටත් ටෙස්ලා මෝටර් රථවල දෝෂයක්

ඔස්ටේ්‍රලියාව තුළ දැනටමත් ධාවන තත්වයේ පවතින ටෙස්ලා වර්ගයේ විද්‍යුත් මෝටර් රථ 1000 කට වැඩි සංඛ්‍යාවක් නැවත කැඳවා තිබෙනවා.

ඒ steering දෝෂයක් හේතුවෙන්.

2017 සහ 2020 අතර කාලයේදී වෙළඳපොළට නිකුත් කරන ලද Model S සහ Model X මාදිලිවල මෝටර් රථ යි මෙලෙස ආපසු කැඳවා ඇත්තේ.

අදාළ රියදුරන්ට වහා සිය අලෙවි නියෝජිතයන් අමතන ලෙසයි දැනුම්දීමක් සිදුකෙරෙන්නේ.

සති 02 ක් ඇතුළත ඔස්ටේ්‍රලියාව තුළදී ටෙස්ලා වර්ගයේ මෝටර් රථ සඳහා මෙවැනි අනතුරු ඇගවීමක් නිකුත් කල දෙවන අවස්ථාව මෙයයි.

ආසන පටි දෝෂයක් හේතුවෙන් මීට සති 02 කට ඉහතදී ටෙස්ලා Model 3 මෝටර් රථ 326 ක් ආපසු කැඳවනු ලැබුවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »