වසර 10 කට පසු ඉහළම වැටුප් වර්ධන වේගයක්

සැප්තැම්බර් කාර්තුවේදී ඔස්ටේ්‍රලියාවේ වැටුප් දර්ශකය සියයට 01 කින් ඉහළගොස් තිබෙනවා.

ගතවූ මාස 12 සැළකීමේදී එය සියයට 3.1 ක ඉහළ යාමක් බවටයි තක්සේරු කර ඇත්තේ.

2012 වසරේ මාර්තු කාර්තුවෙන් පසු ගතවු වසර 10 ක කාලය සැළකීමේදී තනි කාර්තුවකදී ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් දර්ශකය මෙතරම් අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාවද මෙය වනවා.

විරැකියාව අඩුවීමත් – රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම සහ සේවකයන්ට රජය විසින් ලබාදෙන දීමනා සහ සහන ඉහළයාමත් මීට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් පුද්ගලික සේවකයන්ගේ වැටුප් වැඩිවීම සියයට 1.2 ක් බවට තක්සේරු කර ඇති අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම සටහන් වන්නේ ඉන් අඩක් එනම් සියයට 0.6 ක් ලෙසයි.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »